ඊශ්‍රායල් සහ ශ්‍රී ලංකාව අතර ප්‍රධාන සබඳතාවයක් නවතී..මෙරට රැකියා සිහිනයත් බොඳවෙයි?..

American Express Sri Lanka Israel Iran
By Aruna Apr 18, 2024 01:04 AM GMT
Report

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසිගේ මෙරට සංචාරය ගැන නිල වශයෙන් දැනුම් දීමත් සමග මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි ගුවන් ගමන් නවතා දැමීමට ඊශ්‍රායල් ගුවන් සමාගම කටයුතු කර ඇතැයි ගුවන් තොටුපළ ආරංචි මාර්ග සනාථ කර සිටිනවා.

අර්කියා ගුවන් සේවාවට අයත් I Z 639 ගුවන් යානය මෙරට ශ්‍රමිකයන් රැගෙන යාමට කටුනායක වෙත පැමිණ තිබුණා.

ඊශ්‍රායලයේ සිට සීසෙල්ස් දූපත් වෙත ගමන් කර ඉන්දියානු දූපතකින් විශේෂ ආරක්ෂක උපකරණ හා ආරක්ෂකයන් සමග මෙරටට පැමිණෙන මෙම ගුවන් යානයට ඇතුළු වන මගීන් ගුවන් යානා පර්යන්තයේදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ගුවන් යානයට නංවා ගැනීම සිදුවිය.

මෙම ගුවන් යානය පැමිණ පිටවන තුරු අනවසර කිසිවකුට එහි ළඟාවීමට නොහැකි වූ අතර අති දියුණු ආරක්ෂක පද්ධතියකින් එයට ඇතුළුවන මගීන් පරීක්ෂා කිරීම සිදුවූ බවයි වාර්තා වුණේ.

මෙම දැඩි පරීක්ෂාවට මෙරට ගුවන් යානා ඉංජිනේරුවන්ගේ විරෝධයද පළවී තිබුණා.

මෙම ගුවන් යානය මෙරටට පැමිණීම නිසා ඊශ්‍රායලයේ සාත්තු සේවය ඇතුළු රැකියා සඳහා යන ශ්‍රී ලාංකිකයන්ට මහත් පහසුවක් වුවත්, එම ගුවන් යානා නැවතීමත් සමග ෆ්ලයි ඩුබායි ගුවන් සේවය මගින් ඊශ්‍රායලයට යාමට ගිය හතළිස් දෙනකු ඩුබායිහිදී අතරමං වූ බව ගුවන් තොටුපළ බලධාරියකු සඳහන් කළා.

ගුවන් තොටුපළ ආරංචි මාර්ග පැවසුවේ, ගුවන් ගමන් කාලසටහන අනුව ඊශ්‍රායල් I Z 639 ගුවන් යානය ඊයේ (17) නැවත සීසෙල්ස් ඔස්සේ ලංකාවට පැමිණෙන ගමනාන්තයක් පෙන්නුවද එය සිදු නොවුණු බවයි.