තවත් ලාංකිකයින් 20000කට ඊශ්‍රායල් යන්න මෙන්න සුපිරි අවස්ථාවක්..

Manusha Nanayakkara Israel Foreign Employment Bureau Ministry of Foreign Affairs - sri lanka
By Aruna Jan 04, 2024 07:16 AM GMT
Report

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ශ්‍රී ලාංකිකයන් 20,000 කට රැකියා අවස්ථා සඳහා වන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය සාකච්ඡා කර තිබෙනවා.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් හා නිවාස අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අතර අඟහරුවාදා (ජනවාරි 02) පැවති සාකච්ඡාවකදී මෙම කරුණ මතු විය.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ඊශ්‍රායල ඉදිකිරීම්කරුවන්ගේ සංගමය සමඟ එක්ව සිදුකරන පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ බවයි.

ඊශ්‍රායලයේ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශය නියෝජනය කරමින් උපාය මාර්ග සහ ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ Michal Aran සහ අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩල ප්‍රධානී Nessi Angel Katz යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වික ගිවිසුමට අනුව ශ්‍රී ලාංකිකයන් 10,000ක් රැකියා අවස්ථා සඳහා ඊශ්‍රායලයට යැවීමට නියමිතයි.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා බඳවා ගත් ශ්‍රී ලාංකිකයන් තිස් දෙනෙකුගෙන් (30) පළමු කණ්ඩායම 2023 දෙසැම්බර් මාසයේදී ඊශ්‍රායලය වෙත පිටත් කර හැරියා.

විදේශ රැකියා අමාත්‍යාංශයට අනුව ඉදිරි රැකියා සඳහා තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඊශ්‍රායලයට යැවීමට නියමිතය.


                                                                                     Sponsored By Sarrita Jewellery