ඊශ්‍රායලය 'අල් ජසීරා' නාලිකාව වටලයි. - (VIDEO)
ඊශ්‍රායලය තුළ කටාර් රාජ්‍යයට අයත් 'අල් ජසීරා' නාලිකාවේ මෙහෙයුම් නවතා දැමීමට ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ, ඊශ්‍රායල පොලීසිය විසින් 'අල් ජසීරා' නාලිකාවේ ප්‍රාදේශීය මෙහෙයුම් කාර්යාලයක් ලෙස භාවිතා කළ ජෙරුසලමේ පිහිටි හෝටල් කාමරයක් වැටලීම හේතුවෙන්.
ඊශ්‍රායල රජය ගත් තීන්දුව අනුව එම කාර්යාල වසා දැමීම, විකාශන උපකරණ රාජසන්තක කිරීම, කේබල් සහ චන්ද්‍රිකා සමාගම්වලින් නාලිකාව කපා හැරීම සහ එහි වෙබ් අඩවි අවහිර කිරීම ඇතුළත් බව සඳහන්.
මෙම නාලිකාව විසින් පැය 24 පුරා මුළු යුද්ධයම ආවරණය වන පරිදි වාර්තා කර ඇති අතර ගාසා තීරයේ ඊශ්‍රායලයේ හමුදා මෙහෙයුම විවේචනය කර ඇති අතර මෙම වාර්තාකරණය හරහා එරට ආරක්ෂාවට තර්ජනයක් සිදුවන බවයි ඊශ්‍රායලය පවසන්නේ.
කෙසේ වෙතත් 'අල් ජසීරා' නාලිකාව පවසා ඇත්තේ මෙම පියවර “සාපරාධී ක්‍රියාවක්” බවත් සිය මාධ්‍ය මෙහෙයුම් ඊශ්‍රායල ආරක්‍ෂාවට තර්ජනයක් වී ඇති බවට කරන චෝදනාව සිය මාධ්‍යවේදීන් අවදානමට ලක් කරන “භයානක හා හාස්‍යජනක බොරුවක්” බවත්ය.