ISIS ගැන ශ්‍රී ලංකාවෙන් තවත් බයානක ආරංචියක්.(VIDEO)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Department of Prisons Sri Lanka India
By Aruna May 23, 2024 04:35 PM GMT
Report

ISIS සංවිධානයේ සාමාජිකයන් බව පවසමින් ඉන්දීයාවේ දී අත්අඩංගුවට පත් වූ ලාංකීකයන් සිව් දෙනා සමඟ සමීප සබඳතා පැවැත්වූ බව පවසමින් මෙරට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වනවා.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විමර්ශන කණ්ඩායමක් මේ වනවිට පත් කර තිබේ.

ඒ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය මත මෙම කණ්ඩායම පත් කර ඇති බවට තොරතුරු වාර්තාවේ.

මෙම කණ්ඩායම විසින් ඉන්දියාවේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා ඇති බව ද පැවසේ.

එවැනි පසුබිමක් තුළ අදාළ පුද්ගලයන් සිව්දෙනා මෙරට තුළ සබඳතා පැවැත්වූ පිරිස් පිළිබඳව මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මාලිගාවත්ත ප්‍රදේශයේ දී අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි දී අනාවරණ කරගත් කරුණු මතයි.

විමර්ශන නිලධාරීන් සඳහන් කරන්නේ, ඔහු විසින් අදාළ පිරිසට ගුවන් ටිකට්පත් ලබාදීම ඇතුළු විවිධ අධාර උපකාර ලබා දුන් අයෙක් බවයි.

සැකකරු මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ රඳවාගෙන අඛණ්ඩව ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි සඳහන් වන්නේ.

ඉන්දියාවේ දී අත්අඩංගුවට පත් වූ පුද්ගලයින් පසුගිය 19 වනදා රාත්‍රියේ මෙරටින් පිටත්ව ගොස් ඇත්තේ, මෙරටින් ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බවද වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ හරහා චෙන්නායි වෙත ගොස් ඇති බවයි.

එමෙන් ම වෙනත් ගුවන්යානාවලින් තවත් ශ්‍රී ලාංකික ISIS සාමාජිකයන් ඉන්දියාවට ගොස් තිබේ දැයි පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

මූලික විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, ඉන්දියාවේදී අත්අඩංගුවට පත් මොහමඩ් නුෆ්රාන් නැමැත්තා 40 වරක් ඉන්දියාවට පැමිණ ඇති බවයි.

එමෙන් ම මොහොමඩ් නුස්රාත් 38 වරක් ඉන්දියාවට ගොස් ඇති බව එරට ආරක්ෂක අංශ උපුටා දක්වමින් ඉන්දිය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේවෙතත්, මොහමඩ් රස්දීන් සහ මොහමඩ් ෆාරීස් නම් දෙදෙනා ඉන්දියාවට ගොස් ඇත්තේ පළමුවරටයි.

විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනාටම මීට පෙර මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවටයි.

මෙම පිරිස අතර මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ පොට්ට නෞෆර්ගේ දෙවැනි විවාහයේ පුත්‍රයෙකු ද සිටින බවට ද, අනාවරණ වී ඇත.