සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා රඟපෑම අත්හරියි.?

Priyanka Chopra
By Madheeha_Naz May 12, 2023 07:08 AM GMT
Report

අපි කව්රුත් දන්නා සුපිරිම නිලියක් තමයි ප්‍රියංකා චොප්රා කියන්නේ,මෙයාව නම් එක ෆිල්ම් ඉන්ඩස්ට්‍රී එකකට කියලා කොටු කරන්න බැහැ. ඒකට හේතුව තමයි PC එහෙම නැත්නම් ප්‍රියංකා චොප්රා බොලිවූඩ් වල වගේම හොලිවූඩ් වලත් තමන්ගේ රංගනය සිදු කරගෙන යන නිලියක් නිසා .

දැන් නම් මෙයා බොලිවූඩ් වලින් ඈත්වෙලා තමයි ඉන්නේ හැබැයි හොලිවූඩ් වල නම් තාම තමන්ගේ රංගන ජීවිතය කරගෙන යනවා.

2018 වර්ෂයේ ප්‍රියංකා තමන්ට වඩා අවුරුදු 10 ක් බාල ඇමෙරිකානු ගායකයෙක් වන නික් ජෝනස් ව විවාහ කරගන්නවා. ප්‍රියංකාට කෙසේ වෙතත් අනිත් අයට ප්‍රියංකා මල්ලි කෙනෙක් එක්ක විවාහ වුනු එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා.හැබැයි ප්‍රියංකා නම් ඒක කිසිම විදිහකින් ප්‍රශ්නයක් කරගත්තේ නැහැ , ඒ දෙන්නම හරිම සතුටින් ජීවත් වෙනවා ඒවගේම එයාලට හරි ලස්සන "malti" කියලා දූ පැටික්කියෙකුත් ඉන්නවා.

ප්‍රියංකා චොප්රා මෑතකදී මාධ්‍ය සාකච්චාවකට එකතු වෙලා තිබුණා. ඒ මාධ්‍ය සාකච්චාවේදී මාධ්‍යවේදියා ප්‍රියංකාගෙන් හරි අමුතු ප්‍රශ්නයක් ඇහුවා. ඒක තමයි ප්‍රියංකා තම රංගනය අතහැරලා තමන්ගේ දියණිය malti එක්ක වෙන රටවල් වලට සංචාරය කරන්න යනවාද? කියලා.

ඉතින් ඒ ප්‍රශ්නයට ප්‍රියංකා හරි ලස්සනට පිළිතුරු දීලා තිබුණා, ප්‍රියංකා නම් කිව්වේ තමන් හරි කැමැත්තෙන් ඒක කරනවා ඒවගේම කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ විශේෂ පුද්ගලයා එහෙම නැත්නම් තමන්ගේ දුව වෙනුවෙන් සිය රංගන ජීවිතය අවසන් කරන්න වුණත් තමන් ලෑස්ති කියලයි .


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW