නවසීලන්ත තරගය අවසන් මොහෝතේ ඉරානය සම කරයි
ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේ පැවති FIFA ලෝක කුසලාන G කාණ්ඩයේ ආරම්භක නවසීලන්ත සහ ඉරාන තරගය ගෝල 2-2ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් විය.
තරගයේ 7 වැනි මිනිත්තුවේදී එලයිජා ජස්ට් විසින් ගෝලයක් වාර්තා කරමින් නවසීලන්තයට පෙරමුණ ලබා දුන්නේය.
ඉරානය වෙනුවෙන් 32 වැනි මිනිත්තුවේදී රමින් රෙසායියාන් ආරක්ෂක පෙළ බිඳ දමා ක්‍රොකොම්බ් පසුකර ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්ත්වය 1-1ක් ලෙස සම කළේය.
දෙවැනි අර්ධයේ 54 වැනි මිනිත්තුවේදී එලයිජා ජස්ට් නැවතත් ගෝලයක් වාර්තා කරමින් නවසීලන්තයට 2-1ක පෙරමුණක් ලබා දුන්නේය.
කෙසේ වෙතත්, වැඩි වේලාවක් නවසීලන්තයට තරගයේ ඉදිරියෙන් සිටීමට ඉඩ නොදුන් ඉරාන කණ්ඩායම 64 වැනි මිනිත්තුවේදී මොහමඩ් මොහෙබ්බි හිසෙන් ගෝලයක් වාර්තා කරමින් තරගය නැවතත් 2-2ක් ලෙස සම කළේය.
තරගයේ අතිරේක කාලයේදී කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට අවස්ථා හිමිවුවද ඒවා සාර්ථක කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තරගය සම තත්ත්වයෙන් අවසන් විය.
ඒ අනුව, මෙම ප්‍රතිඵලයත් සමඟ G කාණ්ඩයේ සියලුම කණ්ඩායම් පළමු තරගයෙන් එක් ලකුණ බැගින් ලබාගෙන සම මට්ටමේ පසුවෙති.
නවසීලන්තය ජූනි 21 දින ඊජිප්තුවට එරෙහිව තරග වදින අතර, ඉරානය බෙල්ජියම සමඟ තරග වැදීමට නියමිතය.