අන්තර්ජාලය ජංජාලයක් වෙමින් ගාස්තුත් ඉහලට..දුරකථනයටත් තට්ටු වෙන්න යයි..

Sri Lanka Social media Internet Technology Phone bill
By Aruna Mar 23, 2022 10:58 PM GMT
Report

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බවත් එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබෙනවා.

ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවා ද ඉහළ දැමීමට සිදුව ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now