අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් පිරිසට අධිකරණයෙන් ලැබුණු නියෝගය
Sri Lanka Police
Sri Lanka
Inter University Students Federation
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් 19 දෙනාගෙන් 16 දෙනෙකු ඇප මත නිදහස් කර තිබෙනවා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඔවුන් අතරින් ගල්වැව සිරිධම්ම හිමි, වසන්ත මුදලිගේ, හෂාන්ත ජවන්තු ගුණතිලක යන සැකකරුවන් තුන්දෙනා පසුගිය අප්‍රේල් මස 9 වනදා සිට අරගලය උද්ඝෝෂණයේ සිදුවූ සිදුවීම්වලට අදාළව විමර්ශන පැවැත්වීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි පොලිසිය කියාසිටියේ.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගනු ලැබුවේ මාර්ග අවහිර කරමින් ඊයේ පස්වරුවේ කොළඹ දී සිදුකළ විරෝධතාවක් හේතුවෙන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |