ඉදිරියේදී වේගයෙන් සංවර්ධනය වන නගරය - අගමැතිගෙන් අදාල ආයතන වලට උපදෙස්

Dinesh Gunawardena Prime minister Sri Lanka Development
By Dhananjaya Dec 11, 2023 01:17 PM GMT
Report

අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු තවත් ආයතන කිහිපයක නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති සාකච්ඡාවකදී උපදෙස් ලබා දී තිබුනේ වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙසයි.

ඉදිරියේදී වේගයෙන් සංවර්ධනය වන නගරය - අගමැතිගෙන් අදාල ආයතන වලට උපදෙස් | Instructions Prime Minister Development Maharagama


ඒ, අනුව හෝ කන්දර නගරය දියුණු කිරීම සඳහා එම කටයුතු පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙන්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන සංවර්ධනය වේගවත් කරන ලෙසත් මහරගම - පමුණුව ආශ්‍රිත කලාපය රෙදිපිළි තොග සහ සිල්ලර වෙළඳාමේ නිරත වෙළඳ ප්‍රජාවට බාධාවකින් තොරව එම කටයුතු පවත්වාගෙන යාමට එම මාර්ගවල ගමන් කරන බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමේ හැකියාව සොයා බලන ලෙස ද අගමැතිවරයා මෙහිදී උපදෙස් දෙනු ලැබුවා.

එමෙන්ම මහරගම ඩිපෝව දැනට භාවිත කරන අක්කර හයකට ආසන්න භූමි ප්‍රමාණය වඩා ඵලදායි, ප්‍රශස්ත ලෙස භාවිත කිරීමට නිර්මාණ ශීලීව සැලසුම් සකස් කිරීම පිළිබඳවත් මහරගම නගර සභාවේ කොට්ටාව උපකාර්යාලයක් ඇති කිරීම තුළින් ජනතාවට පහසුකම් සලසන ලෙස පැවසූ අග්‍රාමාත්‍යවරයා, සංවර්ධනය කර ඇති නාවින්න ක්‍රීඩාංගණය පූර්ණ වශයෙන් මහරගම නගර සභාව වෙත පැවරීම පිළිබඳ සොයාබලන ලෙස ද දැනුම් දී තිබේ.