ලෝකයක් බිය ගන්වන ඉන්ෆ්ලූවන්සා වෛරස් එන්නත් සංයුතිය සදහා නිර්දේශ ප්‍රකාශ කෙරේ..!

World Health Organization Influenza
By Sewvandhi Feb 25, 2024 02:02 PM GMT
Report

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උතුරු අර්ධගෝලයේ 2024-2025 ඉන්ෆ්ලු‍වෙන්සා සමය වෙනුවෙන් ලබාදෙන ඉන්ෆ්ලු‍වෙන්සා එන්නත්වල වෛරස් සංයුතිය සඳහා නිර්දේශ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්ෆ්ලු‍වෙන්සා වෛරස් එන්නත් සංයුතිය පිළිබඳ දින 4ක රැස්වීමකින් පසුවයි මෙම සංයුතිය නිවේදනය කරනු ලැබුවේ.

විශේෂඥයින් කණ්ඩායමක් සමඟ ජගත් සෞඛ්‍ය සංවිධානය මෙම උපදේශන සංවිධානය කරන අතර, දකුණු අර්ධගෝලය සහ උතුරු අර්ධගෝලය වෙනුවෙන් මෙම රැස්වීම වාර්ෂිකව දෙවරක් පවත්වන බව සඳහන්.

එහිදී ඉන්ෆ්ලු‍වෙන්සා වාරය සඳහා ඉන්ෆ්ලු‍වෙන්සා එන්නත් සංවර්ධනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ බලපත්‍ර ලබා දීම සඳහා ජාතික එන්නත් නියාමන ආයතන සහ ඖෂධ සමාගම් විසින් මෙම නිර්දේශ භාවිතා කරන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ