45% කින් වැඩි වී මුළු රටටම බලපාන දේ..

Sri Lanka Politician Sri Lanka Economy of Sri Lanka
By Aruna Jun 22, 2022 02:02 AM GMT
Report

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.

එම වාර්තාවට අනුව සියයට 45.3 ක් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනයට ආහාරමය කාණ්ඩයෙන් සියයට 27.3 ක දායකත්වයක් සපයා ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 18.1ක දායකත්වයක් ලබා දී ඇත.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 58 ක් වන අතර ආහාර නොවන කාණ්ඩය සඳහා වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 34.2 ක් වන බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now