ඉන්දියාවෙන් ලංකාවට නොමිලේ ලබාදුන් විශේෂ දේ මෙන්න..
Government Of India
India
Sri Lanka Railways
Department of Railways
By Aruna
ඉන්දීය රජය විසින් දුම්රිය එන්ජින් 20 ක් නොමිලේ ශ්‍රී ලංකාවට ලබා දීමට ඉදිරිපත්ව තිබෙනවා.
එරට දුම්රිය පද්ධතිය විදුලියෙන් ක්‍රියාත්මක කිරීමත් සමග භාවිතයෙන් ඉවත් කළ ඩීසල් එන්ජින් 20 ක් දිවයිනට ලබාදීමට තීරණය කර ඇති බවයි, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව්.බණ්ඩාර මහතා සඳහන් කළේ.
පසුගියදා ඉන්දියාවට ගිය දුම්රිය දෙපාර්තමේන්තුවේ විශේෂඥයින් කණ්ඩායමක්, ඒවා මෙරට මාර්ගවල ධාවනය කළ හැකිද යන්න පරීක්ෂා කර තිබේ.
ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, දුම්රිය එන්ජින් දෙකක් පෙබරවාරි මාසයේදී මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.