ශ්‍රී ලංකාව ගොඩගන්න ඉන්දියාව නිල වශයෙන් සහය දෙන බව දන්වයි.. රටටම සුබ ආරංචියක්..

Sri Lanka
By Aruna Jan 18, 2023 01:38 AM GMT
Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට සහයෝගය ලබා දෙන බව ඉන්දියාව නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළ සහතිකය ඊයේ පස්වරුවේ ඉන්දියාව නිකුත් කර ඇති බවයි බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සදහන් කළේ.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඇමෙරිකා ඩොලර් බිලියන 2.9ක ණය මුදල නිදහස් කර ගැනීමට තිබූ ප්‍රධානතම ගැටලුවක් ඉන් විසදෙන බවත් වාර්තාවේ දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now