ඉන්දු ලංකා ගිවිසුමෙන් අවි ගබඩාවක් ලංකාවට?
දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරන ආකාරයට ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.
නමුත් ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමග අත්සන් කරනු ලැබුවේ අවබෝධතා ගිවිසුමක් බව සඳහන් කලත් ඉන්දියානු මාධ්‍ය පවසන්නේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ බවයි.
දයාන් ජයතිලක මහතා සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකාව යන ස්වාධීන රටක් බවත් එය ස්වාධීන රටක් ලෙස ඉදිරියටත් පැවතිය යුතු බවත් ඉන්දියාවේ චීනයේ හෝ ඇමරිකාවේ පාර්ශවයක් ලෙස කටයුතු නොකළ යුතු බවත් වැඩිදුරටත් සඳහන් කරයි.
අනතුරුව ඔහු අවසානයේ සඳහන් කළේ පවතින තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය අගමැතිගේ මහ ඇමති කෙනෙක් බවට පත්වෙමින් සිටින බවයි. හිරු නාලිකාවක් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් අතරතුර ඔහු මේ බව සඳහන් කර තිබේ.