ඉන්දියාවේ PhonePe ලංකාවේ වැඩ පටන් ගනී.

Sri Lanka Tourism Sri Lanka India Businessman Indian rupee
By Wayomi May 16, 2024 12:09 PM GMT
Report

ඉන්දියාවේ ක්‍රියාත්මක PhonePe ඩිජිටල් ගෙවීම් ක්‍රමය මෙරටදී නිල වශයෙන් එළිදැක්වීම ඊයේ (15) කොළඹදී ඉන්දියානු මහකොමසාරිස් සහ මෙරට මහ බැංකු අධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබුවා.

මෙම ක්‍රමය මගින් ඉන්දියානු සංචාරකයින්ට මුදල් භාවිතයෙන් තොරව ගනුදෙනු කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා අදහස් දැක්වූයේ මෙලෙසින්,

"ඔබ බොහෝ දෙනා දන්නා ආකරයට ඉන්දියාව තමයි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික සහකරුවා. අපි ශ්‍රී ලංකාවේ විශාලතම වෙළෙඳ පාර්ශ්වකරු වගේම මෑත කාලයේදී ශ්‍රී ලංකාවට විශාලතම සෘජු විදේශ ආයෝජන සිදුකළ මුලාශ්‍ර ද වනවා. එමෙන්ම ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට ඉන්දියාව දායක වී තිබෙනවා."

"ඒ වගේම UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට සහ මෙරටට ලැබෙන ආයෝජන ඉහළ නැංවීම සඳහා සහායවීමට අපි අපේක්ෂා කරනවා."

"UPI, QR ගෙවීම් ක්‍රමය හඳුන්වාදීමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දියානුවන්ට ගෙවීම් සිදුකිරීම සඳහා UPI පද්ධතිය යොදාගත හැකියි."

"එමගින් ඉන්දියානු සංචාරකයින්ට පහසුවක් සැලසෙනවා පමණක් නෙවෙයි. මෙරට ආර්ථිකයට සහ සංචාරක ක්ෂේත්‍රයටද උත්තේජනයක් ඇති කරනවා... වගේම දෙරටේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් වනු ලබනවා."

"ශ්‍රී ලංකාවේ සුවිශේෂි ඩිජිටල් අනන්‍යතා වැඩසටහන සංවර්ධනය කිරීම සඳහා ද ඉන්දියාව සහාය වනවා."

"ඒ පිළිබඳව කිසිවෙකුට සැකයක් ඇත්නම් මට ඔබට කියන්න තියෙන්නේ... සයිබර් ආරක්ෂාව සහ තොරතුරු දත්ත ආරක්ෂාව පිළිබඳ අපේ පළපුරුද්ද මෙන්ම විගණනය, වගවීම සහ වලංගු කිරීම සඳහා අප යොදාගන්නා පද්ධති සැලකුවිට ඔබට ඒ පිළිබඳ කිසිදු සැකයක් ඇති කරගැනීමට හේතුවක් නොමැති බවයි."  

............................................

May you Like



Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%