අධික ශීතල හේතුවෙන් දෛනික කටයුතුවලත් බාධා.. (විදෙස්)
India
Weather
By krishani
ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හය දක්වා පහත වැටී ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි.
මේ හෙතුවෙන් කාශ්මීරයේ ඇතැම් ප්‍රදේශවල නළ පද්ධතිවල ජලය ද මිදී ඇති අතර එම ප්‍රදේශවල ජල සැපයුමට ද බාධා එල්ල වී ඇත.
එමෙන්ම පවතින අධික මීදුම හේතුවෙන් දුම්රිය, බස් ඇතුලු ප්‍රවාහන සේවාවලටද බලපෑම් එල්ල වී ඇත.
දිල්ලි අගනුවර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.2 ක් ලෙස පවතියි.
නිවාස නොමැතිකමෙන් පදික වේදිකාවල ජීවත්වන ජනතාව අධික සීතලෙන් දැඩි පීඩාවන්ට ලක්ව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |