ස්වාධීන කණ්ඩායම දැඩි තීන්දුවක් ගනී..!

Vimal Parliament of Sri Lanka Gotabaya Rajapaksa Uthaya Gammanpila Vasudeva Nanayakkara
By Sewvandhi Apr 23, 2022 11:52 AM GMT
Report

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් ,විපක්ෂයෙන් ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවට සහාය දීමට ස්වාධීන වූ මන්ත්‍රීවරුන් හතළිස් දෙනාගේ කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම ජාතික සමගි ජන බලවේගය සමග ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතැයි ද දැනගන්නට ඇත. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කළහොත් ,අලුතින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සැලැස්ම සම්බන්ධයෙන්ද,මන්ත්‍රී කණ්ඩායම මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද එම ආරංචි මාර්ග කියයි.

එම යෝජිත අන්තර් කාලීන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසිදෙනකුට අඩුවිය යුතු බවට ද යෝජනා වී ඇත . මේ අතර ,අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවීමෙන් අනතුරුව , අර්බුද විසඳීම සම්බන්ධයෙන් සහාය ලබා ගැනීමට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම විදේශීය තානාපතිවරුන් හමු වී සාකච්ඡා කිරීමට ද පියවර ගෙන ඇති අතර,ඒ අනුව රුසියානු තානාපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා ද, චීන තානාපතිවරයා ඉකුත් සිකුරාදා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ. 

 අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඉවත්වී,නව අගමැතිවරයකු යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවන ලෙස මෙම කණ්ඩායම රජයෙන් දිගින් දිගටම ඉල්ලා සිටි නමුත්,ආණ්ඩුවෙන්ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබීම නිසා විශ්වාසභංග යෝජනාවට සහාය දීමට සිදුවනු ඇතැයි ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now