දෙවන දිනයේත් ජය හිමි කර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත්වෙයි.

By Sithumi Dec 25, 2022 05:53 PM GMT
Report

  සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් කඩුළු 03 ක ජයක් ලබාගැනීමට ඉන්දියාව අද සමත්වුණා. 

  කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර සිය පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 227 ක් රැස් කළා.  

ඊට පිළිතුරු ලෙස ඉන්දීය කණ්ඩායම සිය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 314 ක් රැස්කළ අතර ලකුණු 145 ක් පසුපසින් සිටිමින් සිය දෙවන ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 231 ක් පමණයි.  

ඒ අනුව ලකුණු 145 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ක් පමණක් දැවී සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේ රවිචන්ද්‍රන් අස්වින් වන අතර ඉන්දීය කණ්ඩායම ටෙස්ට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජය ගත්තා.  තරගාවලියේ වීරයා චෙට්ස්වර් පුජාරා.