වැට් එකෙන් රිංගන කූට වෙළෙන්දන්ට වැඩ වරදී.
වැට් බදු වැඩිකිරීමත් සමඟ වෙළෙන්දන්ට සිය සිතැඟි පරිදි භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ දැමීම වැළැක්වීම සඳහා විශේෂ ක්‍රියාමර්ගයක් ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ, අනුව පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත තුළ අනිවාර්යයෙන්ම වැට්බද්ද සටහන්විය යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කරනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ, වැට් බදු වැඩිකිරීමත් සමඟ භාණ්ඩවල මිල ගණන් සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් විවිධ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන බවත්, පාරිභෝගිකයාට ලබාදෙන බිල්පත තුළ අනිවාර්යයෙන්ම වැට්බද්ද සටහන්විය යුතු බවත්, එසේ නොවුණහොත් එය වෙළෙන්දාගේ ලාභය බවට පරිවර්තනය වන බවත්, ඒ පිළිබඳවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරන බවත්ය.
එමෙන්ම මේ වසරේ දෙවන කාර්තුව වනවිට බදු දැල පුළුල් කිරීම කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැඩි අවධානයක් යොමුකර ඇත.
ඇමතිවරයා මෙම කරුණු අවධාරණය කළේ, ස්ථාවර රටකට සැවොම එක මගකට“මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.