කිරි පිටි,යෝගට් සහ කිරි පැකට් මිල ඉහළ දමයි..නව මිල ගණන් මෙන්න..
ආනයනික කිරි පිටි පැකට්ටුවක මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය අවධාරණය කර සිටිනවා.
එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වීම ඊට හේතුව බවයි.
ඒ අනුව ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 30කින් ඉහළ යනු ඇති බවයි වාර්තා වන්නේ.
නව මිල ගණන් ලබන සතියේ සිට ක්‍රියාත්මක කරන බවයි, එම ප්‍රකාශකයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
මේ අතර,යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ ඊයේ ප්‍රකාශ කළා.
එහි සභාපති අසේල සම්පත් මහතා ඊයේ (13) මේ සම්බන්ධයෙන් සම්පූර්ණ හෙළිදරව්වක් සිදු කළා.
ඒ අනුව, VAT බද්ද හේතුවෙන් මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ.
මේ අනුව යෝගට් කෝප්පයක මිල රුපියල් 10කින් ඉහළ ගොස් තිබෙන අතර,රුපියල් 70 ට පැවති යෝගට් කෝප්පය රුපියල් 80ක් දක්වා ඉහළ ගොස් තිබේ.
160ට පැවති හයිලන්ඩ් කිරි පැකට්ටුවක මිල ඉහළ ගොස් ඇත්තේ, රුපියල් 40කින්.
ඒ අනුව එහි නව මිල රුපියල් 200ක් වනු ඇති.
එමෙන් ම පාසල් දරුවන් වැඩි වශයෙන් පානය කරන කිරි පැකට්ටුවක මිල ද රුපියල් 20කින් ද වැඩි වී ඇත.