මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Ranjith Siyambalapitiya Sri Lanka Politician Government Of Sri Lanka Latest Headlines Decision Making
By krishani Apr 13, 2024 12:20 PM GMT
Report

මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | Import Of Rice

ඒ සහල් ආනයනය සඳහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බව ය.

ඒ අනුව සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සඳහා පමණක් මෙරට නිෂ්පාදනය නොකරන බාස්මතී සහල් එම අවශ්‍ය ප්‍රමාණයට ආනයනයට අවස්ථාව ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

තෙල් මිල ඉහළට..

තෙල් මිල ඉහළට..


සහල් ආනයනය කිරීමට අවසර ලබා දී ඇති බවට නඟන චෝදනාවලට අවිස්සාවේල්ල ප්‍රදේශයේ දී පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ පසුගිය පෙබරවාරි මාසයේ දී සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතු වූ අවස්ථාවේ පමණක් සහල් ආනයනය කිරීමට රජය අවස්ථාවක් ලබාදුන් බවයි.