නැතුවම බැරි ලොකු ලූණුවලට ලොකුවටම මොකක් වෙයි ද?. දැන් ලැබුණ ආරංචියක් මෙන්න.
Government Of Sri Lanka
Sri Lanka Food Crisis
India
Vegetables
Latest Headlines
By krishani
වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.
ඒ ඉන්දියාවේ සිට ලොකු ලූනු මෙට්‍රික් ටොන් 10,000ක් ආනයනය කරනු ලබන්නේ රජයේ ආයතනයක් හරහා ද නැතහොත් වෙනත් පෞද්ගලික සැපයුම්කරුවෙකු හරහා ද යන්න සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා අවසන් තීරණයක් ගන්නා බවයි.
ඒ මහතා මේ බව කියා සිටියේ ජා-ඇළ අද (20) පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
මේ අතර, ඉදිරියේ දී බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් මහතා කියා සිටියේ ය.