මුල් මාසෙදී විතරක් ලංකාවේ අය කෝටි 5000ක රට කෑම කාලා.

Government Of Sri Lanka Import
By Wayomi Mar 10, 2024 11:47 AM GMT
Report

මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇති බව වාර්තා වෙනවා.

මහ බැංකු වාර්තා අනුව මේ බව පෙනී යන බව විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

එහිදී පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා වැය කළ මුදල ඊට කලින් වසරේ ජනවාරි මාසයට සාපේක්ෂව 14%කින් පමණ වැඩි වී ඇති බවත්, වැඩි වී ඇති මුදල කෝටි එක්දාස් එකසිය දහසයක් බවත් මහාචාර්යවරයා පවසනවා.

ඒ, අනුව ආහාර පාන වර්ග ආනයනය සඳහා රුපියල් කෝටි 5028ක්ද අනෙකුත් දෑ ආනයනයට කෝටි 4007ක්ද වැය කර ඇති බවයි ඔහු අවධාරණය කරන්නේ.