සුළි කුණාටු දෙකකින් චීනයට බලපෑම්

China Weather World
By Hashini Sep 02, 2023 05:18 AM GMT
Hashini

Hashini

in චීනය
Report

චීනයේ ගුවැන්ඩොන් පළාතට පැයට කිලෝමීටර 200ක වේගයෙන් හමායන සෝලා සුළි කුණාටුව කඩා වැදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එහි බලපෑමෙන් ෂෙන්සෙන්, මැකාවු පළාත්වලට සහ හොංකොං නගරයට දැඩි සුළං තත්ත්වයක් බලපා ඇති අතර, ජල ගැලීම්ද වාර්තා වන බවයි.

හොංකොංහි දුම්රිය සහ ගුවන් ගමන් අවලංගු කල අතරම, නව වසරේ පාසල් ආරම්භ කිරීමද කල් දමා ඇත්තේ සුළි කුණාටුවේ අවදානම හේතුවෙනි.

1949 වසරෙන් පසු චීනයේ දකුණු ප්‍රදේශයට බලපෑ ප්‍රබලතම සුළි කුණාටුව වන්නේ සෝලා බවද සඳහන්.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, හෙට වන විට චීනයේ ෂෙජියැන් පළාතට පැයට කිලෝමීටර 160ක වේගයෙන් හමායන යන හයිකුයි සුළි කුණාටුව කඩා වැදීමට නියමිත බවයි.