ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහමොළකරුවන් තවම නිදැල්ලේ - පොලිසියට චෝදනාවක්..!

Sri Lanka Ministry of Health Sri Lanka GMOA Sri Lanka Immune System
By Sewvandhi Nov 12, 2023 04:06 AM GMT
Report

සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන් ගේ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ, ඉමියුනෝග්ලොබියුලින් සිද්ධියේ මහමොළකරුවන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බවයි.

අදාළ චෝදනාවට සම්බන්ධ සැකකරුවන් ලබන 15 වැනි දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි, එහි සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේ.

ගාල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව සඳහන් කළේය.

වෛද්‍ය චමල් සංජීව මහතා එහි දී සඳහන් කළේ, සෞඛ්‍ය අමාත්‍යංශය තමන්ට හිතවත් දූෂිත නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.