ඔබේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ රජය ගත් අලුත්ම තීරණය..

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka Latest Headlines Decision Making
By Piyumika May 25, 2024 09:47 AM GMT
Report

රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔබේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ රජය ගත් අලුත්ම තීරණය.. | Immovable And Movable Property

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනයට අනුව මෙරට පුද්ගලයින්ගේ ලියාපදිංචි කළ ඉඩම්වල, දේපොළවල අයිතිය හිමිකම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි කළ බදු ගිවිසුම් පිළිබඳ තොරතුරු, ලියාපදිංචි සමාගම් පිළිබඳ තොරතුරු සහ කොටස් වෙළෙඳපොළේ කොටස් අයිතිය පිළිබඳ තොරතුරු නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබා දිය යුතුය.

රජයෙන් ජනතාවට ලැබෙන විශේෂ සහනය.. - රටටම සුබ ආරංචියක් මෙන්න.

රජයෙන් ජනතාවට ලැබෙන විශේෂ සහනය.. - රටටම සුබ ආරංචියක් මෙන්න.


තවද මෙරට පුරවැසියන්ගේ ලියාපදිංචි කළ වාහන සහ වාහන හිමිකම් පැවරීම් පිළිබඳ තොරතුරු නිලධාරීන් විසින් පරිශීලනය කරන ලද තොරතුරු ආදිය ද ,බැංකු හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරන බැංකු නොවන මූල්‍ය ආයතන ද ඇතුළත්ව ඕනෑම මූල්‍ය ආයතනයක් විසින් පවත්වාගෙන යන සියලුම ජංගම ගිණුම් පිළිබඳ තොරතුරු සහ ණය හා අත්තිකාරම් පිළිබඳ තොරතුරු ද ලබාදිය යුතුය.

එමෙන්ම ආයෝජන පිළිබඳ තොරතුරු සහ කොටස් ගනුදෙනු සහ වෙනත් ගනුදෙනු කළ හැකි සාධන පත්‍ර පිළිබඳ තොරතුරු ද නිතිපතා දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත ලබාදිය යුතු බව ගැසට් නිවේදනයේ සදහන් වේ.

වහාම තව පැය 24කින්?. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද ඉන්නෙ කියලා දැන්ම බලන්න.

වහාම තව පැය 24කින්?. ඔයත් මෙන්න මේ ප්‍රදේශවල ද ඉන්නෙ කියලා දැන්ම බලන්න.


කෙසේ වෙතත්, යම් තැනැත්තෙකු හෝ රජයේ ආයතනයක් විසින් මෙම නිවේදනයේ සඳහන් අප්‍රේල් 01 වන දිනට පෙර යම් තොරතුරක් පවත්වාගෙන ගොස් නොමැති නම් මේ වසරේ ජුලි 01 වනදා සිට එම තොරතුරු පවත්වාගෙන යාම ආරම්භ කළ යුතු බවද එම ගැසට් නිවේදනයේ සඳහන් ය.