ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමඟ පැවැත්වෙන විශේෂ සාකච්ඡාව..

Sri Lanka IMF Sri Lanka
By krishani Aug 24, 2022 06:21 AM GMT
Report

ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස සමග තාක්ෂණික මට්ටමේ සාකච්ඡා මුදල් අමාත්‍යාංශයේ දී අද (24) පෙරවරුවේ ආරම්භ විය.

ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් එක් ව සිටින අතර මෙරටට පැමිණි එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම නියෝජිත පිරිස ලබන 31 වනදා දක්වා මෙරට රැදී සිටීමට නියමිත යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ එහි ශ්‍රී ලංකාව සම්බන්ධව කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි විසින් මෙම නියෝජිත කණ්ඩායමෙහි නායකත්වය දරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join