ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka IMF Sri Lanka
By krishani Sep 04, 2022 06:58 AM GMT
Report

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තීන් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණීමට හැකිවීම පිළිබඳ සතුට පළ කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිඒවා මහත්මිය ට්විටර් සඳහනක් තබමින් පවසයි.

එය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බව ඇය ප්‍රකාශ කර තිබෙන අතර මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව කාර්යය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පසුගියදා එළඹිණී.

මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමක් ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජනා කෙරිණී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join