IMF එකෙන් ලංකාවට සුබ ආරංචියක්..

Sri Lanka Loan IMF Ali subri
By Aruna Apr 19, 2022 03:27 AM GMT
Report

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටර්ලිනා ජෝර්ජිවා (Kristalina Georgieva) හා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි අතර හමුවක් ඊයේ (18) පැවැත්වුණා.

ඒ අමරිකාවේ වොෂින්ටන් ඩී.සී අයි.එම්.එෆ්.මූලස්ථාන පරිශ්‍රයේ දී යි.

ශ්‍රී ලංකාව තුළ පවතින දැඩි ආර්ථික අර්බුදය සමනය කිරීම සඳහා මුදල් අමාත්‍යවරයා විසින් දැනටමත් ගෙන ඇති පියවර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවට හා ඇගයීමට ලක් වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකය නඟා සිටුවීමට අයි.එම්.එෆ්. වෙතින් ලැබෙන සහාය පිළිබඳ සඳහන් කර සිටි එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය පැවසුවේ, ශ්‍රී ලංකාවට සහාය අඛණ්ඩව ලබාදීමට එකඟතාවක් ඇති බවයි.

මෙහිදී මුදල් අමාත්‍යවරයා විසින් කඩිනම් මූල්‍ය සහායක් (RFI) සඳහා ඉල්ලීමක් සිදු කරන ලද අතර, ඒ සඳහා ඇප පාර්ශ්වයන් වශයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දීය රජය පෙනී සිටින බවයි මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේවෙතත්, RFI නිකුත් කිරීම මූල්‍ය සම්පාදනය ක්‍රියාවලියේ සම්මත තත්ත්වයෙන් බැහැර වුව ද එය සලකා බලන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළේ.

එමෙන්ම ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) සම්බන්ධයෙන් ද සාකච්ඡා සිදු කෙරුණු අතර, එහිදී අවධාරණය කෙරුණේ, ශ්‍රී ලංකාවේ තිරසාර විසඳුමක් සාක්ෂාත් කර ගැනීම සඳහා අයි.එම්.එෆ්.වෙතින් සහාය ලැබෙන ආකාරය ධනාත්මක පසුබිමක තිබෙන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now