IMF ණය ලබා ගැනීමට මහ බැංකු අධිපති චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලූ දේ

Central Bank of Sri Lanka Nandalal Weerasinghe Sri Lanka
By Sewvandhi Jan 12, 2023 02:07 AM GMT
Report

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සදහන් කරන්නේ,ණය කපාහැරීමට කඩිනමින් එකඟවන ලෙස චීනයෙන් සහ ඉන්දියාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාගැනීම සඳහා අදාළ එකඟතාව අත්‍යවශ්‍ය බව මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා BBC මාධ්‍ය හා සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ. 

 චීනය සහ ඉන්දියාව කඩිනමින් අදාළ ක්‍රියාමාර්ගය ගැනීම සියලු පාර්ශවයන්ගේ අවශ්‍යතාවය වන අතර එමගින් සියලුදෙනාට යහපතක් වනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මේ අතර අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියාව සඳහා වන අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලින් ලාඕබකර් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී මෙරට වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්ත්වය ඇති කිරීම සඳහා අමෙරිකාව අඛණ්ඩව සහයෝගය ලබාදෙන බව එහිදී අමෙරිකානු නියෝජිතයින් විසින් අවධාරණය කර තිබේ..

  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වූ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාව කටයුතු කරන බැවින් සියලුම ණයහිමියන්ට එක්ව සාකච්ඡා කිරීම සඳහා සහයෝගය ලබාදෙන බව ද අමෙරිකානු නියෝජිතවරිය එහිදී ප්‍රකාශ කර ඇති බව අමෙරිකානු තානාපති කාර්යාලය සඳහන් කළේය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now