ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන IMF කියන කතාව
Sri Lanka
Gotabhaya Rajapaksha
IMF
economic crisis
Nandhalal Weerasinghe
By Sewvandhi
මෙරට දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා ඉතා සමීපව නිරීක්ෂණය කරන බවත්, නව මුදල් අමාත්‍යවරයෙකු ඇතුළු බලධාරීන් සමඟ මෙම මස අගදී වොෂින්ටනයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව පිළිබඳ නිකුත් කළ වාර්තාව අද මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් සභාගත කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් විවාදයක් ලබාදෙන ලෙසයි එක්සත් ජාතික පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මීට පෙර ඉල්ලා සිටියේ.
එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස එහි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනිද්දා වැඩ භාර ගැනීමට නියමිත බව බී බී සී පුවත් සේවය වාර්තා කළා.
එම වාර්තාවේ දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ මේ වනවිට එහි ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දෙමින් සිටින බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |