දැරියක රැගෙන පළා ගිය පුද්ගලයෙකු සෙවීමට පොලීසිය මහජන සහය පතයි..!(PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Nov 25, 2022 11:02 AM GMT
Report

 පොලිසිය මජන සහය පතමින් සැකකරුවෙකු සෙවීම සඳහා නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැවෙන්නේ, 13 හැවිරිදි දැරියක නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය කළා යැයි ඉඟිනියාගල පොලිසියට මවක විසින් කරන ලද පැමිණිල්ලක් අනුව සිදු කෙරෙන විමර්ශනයන අදාළව සැකකරු පොලිසිය සොයමින් සිටින බව ය.

සැකකරු එම දැරිය රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් සැඟව සිටින බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ය.

ජාතික හැඳුම්පත් අංක 752496657V දරන වයස අවුරුදු 47ක් වන දඹගල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි සුමිත් ගුණවර්ධන නම් මෙම සැකකරුවා පිළිබඳ තොරතුරක් වෙතොත් 071 859 11 50/ 063 224 20 22 යන දුරකතන අංක අමතා දැනුම් දෙන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery