දුරකථන ඇමතුම් ගාස්තු ඉහළට..සිදු කරන්න යන දේ..

Sri Lanka Technology prepaid Idd calls International calla
By Sewvandhi Mar 21, 2022 08:38 AM GMT
Report

ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු හෙවත් IDD ගාස්තු ඉහළ දමා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් IDD ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ බවට අදාළ දුරකථන සමාගම් විසින් එම කොමිසමට දැනුම් ඇත

. ඒ අනුව, ඩොලරයේ වෙනස්වීම අනුව IDD ගාස්තු ඉහළ නැංවීමට අදාළ සමාගම් වෙත බලය පවරා ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවසීය.

කෙසේවෙතත් දේශීය ඇමතුම් ගාස්තු ඉහළ නැංවීමක් සිදුනොවන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now