"පැදුර පෑගුනත් ඇති දරු ඵල හිටිනවා"..දරුඵල බලාපොරොත්තු අයට අතිශය වැදගත්..

World Health Organization Ministry of Health Sri Lanka Healthy Food Recipes National Health Service
By Aruna Jul 17, 2023 01:20 AM GMT
Report

ඉස්සර පවුලක දරුවෝ හත් අට දෙනෙක් හිටියට දැන් පවුලක ඉන්නේ උපරිම දෙදෙනෙක් හෝ තිදෙනෙකි.

දරුවන් හතර පහක් සිටී නම් එය වර්තමානයේ තරුණ තරුණියනට විශ්මයට කරුණකි. දරුවන් හත් අට දෙනෙක් සිටිනවා යැයි පැවසුවහොත් එය වාර්තා පොතට එක්වන තරම්ය.

නමුත් අතීත පවුල්හි මවක් දරුවන් හත් අට දෙනකු වැදුවේ නැති නම් ඇය රෝගී කාන්තාවක් හා සමානව සලකනු ලැබීය.

මදසරු බව වර්තමානයේ තරුණ තරුණියන්ට මදසරු බව හෙවත් සරු බව අඩුවීමට බලපා ඇති ප්‍රධානම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ අලස දිවි පෙවෙතය.

ක්‍රියාශීලී නොවීම නිසා ඔවුන්ගේ හෝමෝන ක්‍රියාකාරීත්වය අඩපණ වේ.

එසේම දියවැඩියාව, අධිරුධිර පීඩනය වැනි රෝගවලට තරුණ වියේදීම ගොදුරු වීම නිසා ලිංගික ක්‍රියාකාරීත්වයේ දුර්වලතා හටගනී.

දරුවෝ දෙන්නෙක් නිසා එකා හදාගත්තෙත් මාර ගේමක් දීලා යැයි ඇතැම් විවාහක අඹුසැමියන් පවසන්නේ මෙලෙස ඔවුන්ගේ පවතින අලස බව නිසාය.

පැදුර පෑගුනත් ඇති දරු ඵල හිටිනවා යැයි ඇතැම් පුද්ගලයන් පවසති.

ඔවුන්ගේ දේහ විලාශය දෙස බැලූ විට පිරිපුන්ය. පිරිමියා නම් කඩවසම්ය.

සිරුරේ රෝම කූප බහුලය. විශේෂයෙන්ම පපුව ප්‍රදේශයේ රෝම කූප බහුල යනු ලිංගික හෝමෝනවල සරු බව පෙන්වන ලක්ෂණයකි.

කාන්තාවකගේ පුළුල් උකුල ඇත්නම් පුන් පියයුරු පවතී නම් ඇයට දරුවන් කිහිපදෙනකු වැදීමේ හැකියාව ඇති බව මහා සෘෂිනාඩි වෛද්‍යවරු පවසා ඇත.

ඇය කෙසඟ නම්, සම දුර්වර්ණ නම් හෝ අධික තරබාරු නම් දරු ඵල සීමා සහිතය.

ලිංගික ශක්තිය වර්ධනය කර ගැනීම හොඳ දරුවන් බිහි කිරීමට අවශ්‍ය ලිංගික ශක්තිය උපදවා ගැනීම සඳහා නිතර කටු අනෝදා, ලාවුලු, වැල, වරකා, දූරියන් වැනි පලතුරු වර්ග ආහාරයට ගත යුතුය.

පෙනෙල කොළ කැඳ, හාතාවාරිය කැඳ ආදිය නිතර පානය කළ යුතුය. මෙමගින් ලිංගික ශක්තිය උත්තේජනය වේ.

වැඩි විස්තර සඳහා දුරකථන අංක 0776500677 ඇමතිය හැකිය.

උපුටා ගැනීමක්..