විශාල මත්ද්‍රව්‍ය තොගයක් ඇල්ලු දැවැන්ත මෙහෙයුම (PHOTOS)
Sri Lanka
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
අධික වටිනාකමකින් යුත් කොකේන්, ඈෂ්, කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 33කට අධික ප්‍රමාණයක් සහ රුපියල් ලක්ෂ 30ක මුදලක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන් දෙනෙකු පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පෑලියගොඩ පොලිසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන්ට ලද තොරතුරක් මත අද අලුයම මෙම වැටලීම සිදුකර ඇති බවයි. කොකේන් කිලෝග්‍රෑම් 1ක්, ඈෂ් කිලෝග්‍රෑම් 24යි ග්‍රෑම් 500ක් සහ කුෂ් කිලෝග්‍රෑම් 8ක් මොවුන් සතුව තිබී පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
එහිදී වැටලීම සිදුකළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන්ට රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබා දීමට සැකකරුවන් තැත්කර ඇති අතර එම මුදල ද සැකකරුවන් සමග පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |



