ඔයත් ටික් ටොක් වීඩියෝවක් වයිරල් කරගන්න දගලන කෙනෙක්ද.. එහෙනම් මෙහෙම කරන්න..
ටික් ටොක් කියන්නේ මේ වෙද්දි සමාජ මාධ්‍යතුළ ඉතා විශාල ස්ථානයක් හිමි කරගත්ත ෆ්ලැට්ෆෝම් එකක්. ටික් ටොක් හරහා මේ බව විට මුදල් උපයන බොහෝ පිරිසක් ඉන්නවා.
ටික් ටොක් කරන්න පුලුවන් වුණත් කැමති වුණත් ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි ටික් ටොක් එකේ කන්ටෙන්ට් එකක් වයිරල් කරගන්නේ කොහොමද කියන එක.ඒ නිසාම අපි හිතුවා අද ඔබට ඒ ගැන කියන්න.
ඔයාට කන්ටෙන්ට් එකක් වයිරල් කරගන්න නම් ටික් ටොක් එකේ තියන මේන්ම දේ වෙන්නේ තව කෙනෙක්ගේ කොපියක් නොවී යුනික් කන්ටෙන්ට් එකක් හදාගන්න එක.එහෙම නොකර නම් ඔයා කොච්චර වීඩියෝ වයිරල් කරගත්තත් ඔයාට පැවැත්මක් නැහැ
. ඒ වගේම ඔයා වීඩියෝ එක පටන් ගද්දිම ඔයා කරන්න යන දේ ඒකෙන් කියන්න. වීඩියෝ එක මැදට එනකල් ඔයා කියව කියව ඉදලා බලන්න කම්මැලි කරොත් නම් එක්කෙනෙක් දෙන්නෙක් වීඩියෝ එක නොබලා ස්කිප් කරද්දි කෙලින්ම ඒ වීඩියෝ එක ස්කිප් වෙනවාེ මීළග කාරණය තමයි ඔයා අනවශ්‍ය හෑශ් ටැග්ස් ඔයාගේ වීඩියෝ වලට දාන්න එපා එතකොට ටික් ටික් එකේ ඇල්ගෝරිදම් එක ඔයාගේ වීඩියෝ වලට අදාල නැති හෑශ් ටැග් භාවිත කරන බවට හදුන ගන්නවා.
එතකොට ඔයාගේ වීඩියෝ අනිත් අයට පෙන්නන්න තියන ඉඩ අඩුයි. අනෙක් කාරණය තමයි ඔයා අපරාද සම්බන්ධ දේවල් හෝ ඊට අදාල දේවල් ඔයාගේ ටික් ටොක් එකේ කැප්ශන් විදියට දාන්න එපා. අනිත් කාරණය තමයි කැප්ශන් විදියට වචන දාද්දි ඒ හැම වචනයක් ගැනම සැලකිලිමත් වෙන්න.
ඒ වගේම ඔයා මොන වීඩියෝ එක දැම්මත් ඒ වීඩියෝ හරි නැත්නම් ඔන්ලි මී දැම්මොත් ඇරෙන්න ඩිලීට් කරන්න එපා.
ඒ වගේම ඔයා ට්‍රෙන්ඩින්ග් සවුන්ඩ් ඇන්ඩ් මියුසික් ඔයාගේ වීඩියෝ වලට දාන්නත් අමතක කරන්න එපා. ඒකෙන් ඔයාගේ වීඩියෝ එක වයිරල් කරගන්න ඔයාට පුලුවන්.