මොකක්ද මේ සල්ලි ඉතුරු කරන. ඔබගේ ෆෝන් එකේ තිබිය යුතුම දේ...
මේ දිනවල ලංකාවේ හැමෝටම
තියන ප්‍රශ්නයක් තමයි කොච්චර සල්ලි හම්බ කරත් කිසිම ඉතුරුවත් නෑ කියන කතාව.
මේ ආර්ථිකයත් ඒකට ලොකු දායකත්වයක් සපයන බව ඔබට නම් අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ ඒ නිසාම අපි මේ ඉබට කියන්නේ ඔබට මුදල් ඉතිරි කීරීමට පොඩි ටිප් එකක්.
අපි හැමෝම කොච්චර වියදම් කළත් මුදල් ඉතුරු කරන්නනේ බලන්නේ ඉතින්. ඒ නිසාම අනිවාර්යෙන්ම අපිට මුදල් ඉතිරි කරන්න පුලුවන් නම් කව්රුත් කැමතියි. නමුත් අපි දන්නෙම නැතුවම මුදල් වියදම් වෙනවා.
මේක ඉතින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් නේ ඒ නිසාම තමයි අපි අද ඉබට මේ ටික් එක අරගෙන ආවේ.
ඔයා ගාව හැම වෙලාවෙම තියෙන දෙයක් නේ ඔයාගේ ෆෝන් එක.අද ඉදන් ඔයාට මුදල් ඉතිරි කරන්න ඔයාගේ ෆෝන් එකත් උදව්වෙයි. ඔයා අහලා තියෙනවද Expenditure App එක ගැන.මොකක්ද මේ ඇප් එක.
වියදම් පාලනය කරන ඇප් එක. ඔයාට මුදල් ඉතුරු කරන්න ඕනිනම් වියදම් පලන ඇප් එකක් අරන් බලන්න.
ඒක ඔයාට ගොඩක් වැදගත් වේවි. අපි දැන් බලමු මොනවද මේ එක්ස්පෙන්ඩිචර් ඇප්ස් කියලා.
Money manager
Expenditure note
Ez Expense Manager
Wallet Story monefy
money tracker
මේ විදියේ විවිධ වර්ගයේ ඇප් තියෙනවා මේ ඇප් එක භාවිත කරන එකෙන් ලැබෙන වාසි මොනවද..?
මුදල් කලමණාකරණය කිරීමේ හැකියාව
වියදම් පිළිබදව අවබෝදයක් ඇතිවීම
වියදම් පාලනය කිරීමට හැකිවීම
ඉතුරු කිරීම පිළිබදව උනන්දුවක් ඇතිවීම.
ඔයාගේ අතේ තියෙන ෆෝන් එකම භාවිත කරලා එය උපයෝගි කරගෙනත් දැන් ඔබට ඔබේ මුදල් ඉතිරි කිරීම කරන්න පුළුවන්.

