ඔයත් දුරකථනයට ඇබ්බැහි වෙලාද.. එහෙනම් දුරකථන ඇබ්බැහිය නැති කිරීමට ක්‍රම හතක්..
Sri Lanka Social Media
TikTok
Mysskin
Social Media
By Sithumini
දුරකතනය කියන්නේ මේ වෙද්දි අපිට නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා. එතරම් අපිට දුරකථනය ප්‍රයෝජනයවත්.
නමුත් දුරක්ථනයට ඇබ්බැහි වීම කියන්නේ එතරම් හොද දෙයක් නොවෙයි. මොකද ඒකෙන් අපිට ලැබෙන ප්‍රතිවිපාක රැසක් තියෙනවා.
දුරකතනයට ඇබ්බැහි වීමෙන් ලැබෙන ප්‍රති විපාක ලෙස.
- ඇස් දුර්වල වීම
- මනස දුර්වල වීම
- මතක ශක්තිය අඩු වීම
- අවස්ථා ගිලිහීම
- වැඩ මග හැරීම හා වැඩ කල් දැමීම
- සම්බන්ධතා බිද වැටීම.
ඒ නිසාම දුරකථනය පරිහරණය කිරීමේදි පරිස්සමෙන් පරිහරණය කිරීම ඉතාම වැදගත් වෙනවා.
ඒ නිසාම ඔබත් දුරකථනයට අදික ලෙස ඇබ්බැහි වෙලානම් පහත දේ අත් හදා බලන්න.
- ඔබේ ඇඳ අසල ඔබේ දුරකථනය චාජ් කිරීම නවත්වන්න
- දුරකථනයෙන් alarm එක සකසනවා වෙනුවට සැබෑ ඔරලෝසුවක් ලබාගන්න
- දුරකථන දැනුම්දීම් ක්‍රියා විරහිත කරන්න
- ඇබ්බැහි වන හා ප්‍රයෝජනවත් නොවන යෙදුම් මකන්න
- සතියකට වරක් දුරකථනයෙන් නිදහස් ව දිනයක් ගත කිරීමට උත්සාහ කරන්න
- ඔබ ඔබේ දුරකථනය අතරට ගැනීමට පැහැදිලි හේතුවකට පමණක් සීමාකරන්න
- හැකි ඉක්මනින් එයත් පසෙකට දමන්න
- ඔබේ දුරකථනය නොමැතිව ළඟ ගමන් යෑමට උත්සාහ කරන්න