ඔයා ජොබ් එකකට යන කෙනෙක් නම් ඔෆිස් එකේදි කවදාවත් මේ දේවල් කරන්න එපා.

Government Employee Job Opportunity
By Sithumini Aug 03, 2024 04:55 PM GMT
Report

රැකියාව කියලා කියන්නේ අපේ ජීවිතේට සමීප දෙයක් වෙලා. පාසල් දරුවෙකුගෙන් ඉගෙන ගන්නේ ඇයි කියලා ඇහුවොත් ඔවුන් කියන්නේ රැකියාවක් කරන්න කියලා.

ඉතින් අපි කොහොම හරි අපි අපේ සිහින රැකියාවට ආවනම් ඒක පවත්වාගැනීමත් ඉතාම වැදගත් වෙනවා. එහෙනම් ඔබ ඔබේ රැකියාව හොදින් කරන්න නම්,

1 ඔයා වැඩියෙන් වැඩ කරන්න වත් අඩුවෙන් වැඩ කරන්නවත් යන්න එපා. විශේෂයෙන්ම ඔයා ඔයාට පැවරෙන කාර්යන් ඉතා හොදින් කරන්න.

ඊට අමතරව හදිසි අවශ්‍යතාවයක් වීම මත නම්‍යශීලි වීම වැදගත් නමුත් ඔබ අනවශ්‍ය ලෙස වැඩියෙන් වැඩ කරන්න යන්න එපා. මොකද ඒක ඇතැම් විට ඔබටම පසුව පසුතැවීමට විය හැකි කාරණයක්.

2 ඒවගේම ඔයාගෙ රැකියාව මොකක් වුණත් ඔයා එකම දේ කරමින් එක තැන පල් වෙන්න එපා. ඔයාගෙව් හැකියාවන් ඔප මට්ටම් කරගෙන රැකියාවේ ඉදිරියට යන්න උතාසාහා කරන්න. එහිදි ඔයාට ඉගෙන ගන්න තියන දේවල් ප්‍රායෝගිකව හෝ න්‍යායාත්මකව හැදෑරීම් කරන්න.

3 කිසිම කෙනෙක් එක්ක ඕනෑවට වඩා ශාරීරිකව කුළුපග වෙන්න එපා. ඔයා කාන්තාවක් වුණත් පුරුශයෙක් වුණත් ඔයා ඔයාගේ තත්වය පවත්වා ගන්න ඕනි. එහෙමනම් ඔයා ඔයාට දෙන වටිනාකම හදුනාගන්න. කිසිම කෙනෙක් එක්ක ඕනෑවට වඩා කුලුපග වෙන්න එපා. ඒකෙන් ඔයාගේ වටිනාකම අඩු වෙනවා වගේම ඔයාට අනවශ්‍ය ප්‍රශ්නවලට මුහුණදීමට ඇති ඉඩකඩ වැඩි වෙනවා.

4 ඒවගේම ඕනෑම දෙයකට කාගේ හෝ වැඩකට නිසි වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඔයා කවදාවත් තව කෙනෙක්ගේ වැඩකට ඔයා කරා කියලා ලකුණු දාගන්න එපා. ඒක ඔයාගේ රැකියාවේ පැවෑත්මට ඍණාත්මකව බලපාන්න පුළුවන්.

5 ඒවගෙම ඔයා ජොබ් එක ඇතුලෙදි එක් අයෙක් පමණයි. ඒ නිසා කිසිම කෙනෙකුට අදාල වෙන ප්‍රශ්නයකට ඔයා මැදිහත් වෙන්න එපා.

6 කල්ලිවලට සම්බන්ධ වෙන්න එපා. කාර්යාලීය මට්ටමෙන් වුණත් විවිධ කල්ලි විදියට ඇතැම් අය මිතරන් ඇති කරගන්නවා. ඒ හරහා විවිධ අයගැන කතා කරන්න යනවා. ඒ නිසා ඒ කිසිම කල්ලියකට නොයා හැමෝම එක්ක සුහදව කටයුතු කරන්න.

7 ඔයාගේ පෞද්ගලික ජීවිතේ ඔයාගේ රැකියාවෙන් වෙන් කරගන්න ඔයා වගබලා ගන්න. ඔයාගේ පෞද්ගලික ජීවිතේ ඔෆිස් එකේ වැඩ එක්ක බෙදාගන්න ගියොත් ඔයාට ඔයාගේ වැඩ මගහැරෙනවා. ඒ වගේම ඔයා කිසිම කෙනෙක් විශ්වාස කරලා ඔයාගේ පෞද්ගලික ජීවිතේ දේවල් කාර්‍යාලයේ අය එක්ක බෙදාගන්න යන්න එපා.

8 ආවේගශීලි අවස්ථාවල සංවාදයන්ට යන්න එපා. රැකියාවක් කියන්නේ හැමවිටම සුන්දර දෙයක් නොවෙයි. ඔබට රැකියාවේ ඇති වන පීඩාකාරි සිදුවීම් එක්ක ඇතැම් විට ඔබ ආවේගශීලි වෙන්න පුළුවන් නමුත් ඒ කිසිම විටෙක සංවාද කරන්න යන්න එපා. මේ කරුණු ඔබේ රැකියාව යහපත්ව සතුටින් ගතකරන්න ඉවහල් වේවි.