අදම ඔයත් ඔයාගේ සර්කල් එක අදුනගන්න.. හොඳ මිතුරන් පිළිබඳව මනෝවිද්‍යාත්මක කරුණු අටක්

Office of Public Health
By Sithumini 4 months ago
Report


මිත්‍රත්වයක් වසර හතකට වඩා පවතිනවා නම් එය ජීවිත කාලය පුරා පවතිනු ඇතැයි මනෝවිද්‍යාඥයවරු විශ්වාස කරනවා

කවදාවත් මිතුරෙකුගේ අහිමිවීම ගැන කරදර වෙන්න එපා මොකද කවදාවත් හොඳ මිතුරෙකු අහිමි වෙන්නේ නැහැ

මිත්‍රත්වය කියන්නේ වැඩිපුරම කාලය ගත කරන අය නෙවෙයි ඔයා ගත කරන පොඩි කාලය වුණත් ඔයාව සතුටෙන් විනෝදයෙන් නිදහසින් තියෙන පුද්ගලයින් සම්බන්ධවයි

ශක්තිමත් මිත්‍රත්වයකට හැමදාම කතා කරන්න අවශ්‍ය වන්නේ නැහැ කාලයකට සැරයක් හම්බුනත් ඔවුන් එදා වගේමයි

හොඳම මිතුරන් කියන්නේ ඔබේ ප්‍රශ්න ඔවුන්ගේ ප්‍රශ්න බවට පත් කරගන්නා අයයි

ඔවුන් සමග සිටිය සිටියදී ඔබට ඒවා තනියම විසඳ ගැනීමට අවශ්‍ය වන්නේ නෑ

සැබෑ මිතුරෙකු කියන්නේ ඔබේ මුහුණේ සිනහව දකින අය අතරින් ඔබේ ඇස් වල තියෙන වේදනාව දකින අයයි

ඔබේ පිටුපස ඉඳන් අනිත් අය ඔබේ වැරදි කියන විට ඔබේ වැරදි මුහුණට පවසන්නේ සැබෑ මිතුරෙකු පමණයි ඔබේ දුක් කරදරයකදී ඔබට මුලින්ම මතක් වෙන්නේ ඔබේ සැබෑ මිතුරා වෙන්න පුළුවන්