ඔබත් මිනිසුන් අතින් අවභාවිත වීම වැළැක්වීමට නම්.. අනිවාර්යයෙන්ම කියවන්න.

By Sithumini Aug 26, 2024 10:24 AM GMT
Report

සමාජයේ මිනිසුන් එක හා සමාම නොමැති බව අපි කව්රුත් දන්න කාරණයක් ඒ නිසාම අපි ඉතාම මැනවින් මිනිසුන් සමග ගණුදෙනු කිරීම වැදගත් වෙනවා. 

 මෙලෙස මිනිසුන් සමග ගණුදෙනු කිරීමේදි අපට මුහුණ දීමට සිදුවන බොහෝ දේ තිබෙනවා. එහිදි මූලික වශයෙන්ම මිනිසුන් අතින් භාවිත නොවීමට නම් අපි එලෙස ඔවුන් සමග හොදින් ගණුදෙනු කිරීම වෑදගත් මනෝවිද්‍යා උපදේශකවරියක් මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළ කළ සටහනක් අපි අද පළ කරන්නේ ඒ නිසාවෙන්. 

 උපුටාගැනීම  

1- පුද්ගලයින්ගේ රටාව හඳුනා ගන්න.

වරින් වර ඔබ වෙත උපකාරයන් ඉල්ලීමට පැමිණෙන පුද්ගලයෙකු බොහෝ විට පැමිණෙන්නේ, ඔවුන්ට ඔබව විශ්වාසවන්ත හෝ ඔබව ඔවුන්ගේ ජීවිතයේ විශ්වාසවන්ත කෙනෙකු ලෙස පෙනෙන නිසා නම් ඔවුන් බොහෝ විට ඔබව අවභාවිතා නොකරයි.

එසේම වාසියට පමණක් පුද්ගලයකු ඇසුරු කරන්නෙකු යම් රටාවක් අනුගමනය කරයි. ඔවුන් කිසිවිටෙක ඔබ ගැන පරීක්‍ෂා නොකරන අතර, ඔවුන්ට යමක් අවශ්‍ය වූ විට පමණක් ඔබට සැමවිටම යහපත්ව කටයුතු කරයි. එය බොහෝ විට ඒක පාර්ශවීය සම්බන්ධතාවයකි.

2- ඔබේ අදහස් ප්‍රකාශ කරන්න.

ඔබට හැඟෙන ආකාරය ඔවුන්ට දන්වන්න. ඔවුන්ට යමක් අවශ්‍ය වූ විට පමණක් ඔවුන් පැමිණ සිටින බව ඔබ අගය නොකරන බව ඔවුන්ට දන්වන්න. එය ඔවුන්ගේ අභිප්‍රාය නොවන්නේ නම් ඔවුන් ඔබට එසේ හැඟෙන බව ගැන සැළකිමත් වනු ඇත.

3- සීමා මායිම් තබන්න.

ඔබව අවභාවිතා කරන්නන් සමඟ පැහැදිලි සීමාවන් සකසන්න. "එපා" කියන්න ඉගෙන ගන්න. ඔබට "එපා" යැයි පැවසිය නොහැකි නම්, ඔබ කාර්‍යබහුල බව හෝ ඔබ ඒ ගැන සිතා දැනුම් දෙන බව ආචාරශීලීව ඔවුන්ට දන්වන්න.

4- පුද්ගලයින් තෝරා බේරා ගන්න.

කාරුණික සංවේදී හදවතක් තිබීම සහ අන් අය ගැන සැලකිලිමත් වීම නිසා ඔබ සැමට අතහිත දිය යුතු යැයි අදහස් නොවේ. සෑම කෙනෙකුම සතුටු කිරීම හෝ සුවපහසු කිරීම ඔබේ කාර්යය නොවන බව මතක තබා ගන්න.

මන්ද ඔබ සැළකිලිමත් නොවූවහොත්, සමහර අය ඔබෙන් ජීවිතය ඉවතට ගැනීමට පවා කටයුතු කරනු ඇත. එමනිසා ප්‍රවේසම් වන්න.

5- විශ සහිත පුද්ගලයින් ඔබේ ජීවිතයෙන් ඉවත් කර ගන්න.

ඔබ ඉහත සියල්ලම කර ඇත්නම් සහ රටාව තවමත් පුනරාවර්තනය වේ නම්, කළ යුතු හොඳම දෙය වන්නේ ඔවුන්ගෙන් දුරස්ථව කටයුතු කිරීමයි.

◾️◾️◾️පොහොර දමා පස පෝෂණය කරන මිනිසුන්ගේ සහ, අවසානයේ ඵල නෙලා ගැනීමට පමණක් පැමිණෙන මිනිසුන්ගේ වෙනස ඔබ දැනගත යුතුය.

Article by Rashmie Rajapaksha (මනෝවිද්‍යා උපදේශිකා / Psychological Counsellor)