ඔයාටත් සාර්ථක වෙන්න නම් ඔයා දැනගෙන්න ඉන්නම ඕනි කරුණු 6

Financial crisis Public Health Inspector
By Sithumini Jul 18, 2024 05:58 AM GMT
Report


අන්ක එක තමයි වාසනාවට වඩා වෙහෙස මහන්සියෙන් දෙයක් ලැබෙනවා කියන එක විශ්වාස කරලා වැඩ කිරීම. මන් මේ වෙනුවෙන් උපරිම මහන්සි වුණු නිසා මට මේ දේ ලැබෙනවා කියලා විශ්වාස කරනන් එක.

අන්ක දෙක තමයි ඉවසීම. ඉවසන්න බැරි උනොත් නොදැනුවත්වම ඔයා ෆේල් වෙනවා. මොකද ඔයාගේ සාර්ථකත්වයට යන ගමනෙදි ඔයාට දරාගන්න වෙන අමාරු දේවල් ගොඩක් තියෙන නිසා.

අංක තුන වෙන්නේ කැපකිරීම්. ඔයාට අත්‍යවශ්‍ය දෙයක් වෙනුවෙන් කැප වෙන්න බැරිනම් ඒ හීනේ අත්හරින්න මොකද. දෙයක් වෙහෙස මහන්සි නොවී ලැබෙනවනම් ඒකේ ප්‍රථිපලය එතරම් දීර්ඝකාලීන නැහැ.

අංක හතර අන් අය සිතන දේට වඩා තමන්ගේ ජීවිතේ තමන්ගේ සාර්ථකත්වය ගැන හිතන්න. හැමදේම ගැන අනිත් අය හිතදේවල් හිතන්න ගියොත් අපිට අපේ හීන මගහැරෙන්න ඉඩ වැඩි නිසා

අංක පහ වෙන්නේ විනය බලාපොරොත්තු ඔබව ඉදිරියට ගෙනයනවා. නමුත් විනය ඔබගේ පැවැත්ම තීරණය කරනවා. ඔබ කොච්චර දක්ෂවුණත් විනයක් නැත්නම් ඒ දක්ෂතාවයෙන් කිසිදු ඵලක් නැහැ.

අංක 6 වෙන්නේ දැඩි විශ්වාසය. ඔයාට ඔයා කෙරෙහි තියන දැඩි විශ්වාසය ඔයාගේ ජීවිතෙ සාර්ථක කරගන්න ලොකුම පිටිවහලක් වෙනවා. කව්රු ඔයාට බෑ කිව්වත් ඔයාට ඔයාගැන තියන විශ්වාසය ඔයාව ගොඩක් දුර ගෙනයාවි.