ජනතාවගේ ඉතිරි කිරීම් වලින් රාජපක්ෂවරු හොරා කෑ හැටි හර්ෂ ද සිල්වා හෙළි කරයි.( VIDEO)

Parliament of Sri Lanka Government Of Sri Lanka Sri Lankan Peoples Rajapaksa Family Harsha de Silva
By Wayomi Aug 31, 2022 12:50 PM GMT
Report

මහජනතාවගේ සමස්ත ඉතිරි කිරීම් වලින් 70%ක් පමණ “රාජපක්ෂවරුන්” සොරකම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද ( 31) පාර්ලිමේන්තුවේ පැවැති අයවැය විවාදයේදීයි.

ඒ අනුව මේ වන විට රට මර උගුලක ඇති බවත් ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයකට රට පත් ව ඇති බවත් හර්ෂ ද සිල්වා එහිදී තරයේ පෙන්වා දුන්නා.

මේ පිළිබඳව ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

" රජයේ දත්තවලට අනුව උද්ධමනය 80% ආහාරවල ගිය මාසේ. අද හැන්දෑවට මේ මාසේ උද්ධමනය කීයද කියලා අපිට දැන ගන්න පුළුවන් වෙයි. හෙට පාර්ලිමේන්තු විවාදයේදී මේක කියන්න පුළුවන් වෙයි. සීයට සීයක් කිට්ටු වෙලා ද කියලා.

අවුරුදු 30ක් 40ක් වැඩ කරලා ඉතුරු කර ගත්ත දේට මොකද්ද වුණේ ගරු කතානායකතුමනි? 19 ඉඳලා 22 වෙනකන් බලන්න ඕනේ නැහැ. ඒක බැලුවොත් ඔබතුමාටත් කලන්තෙ හැදෙයි. 21 අගෝස්තු ඉඳලා 22 අගෝස්තු වෙනකන් බලන්න මොකද වුණේ කියලා.

 රුපියල් ලක්ෂයක් කවුරුහරි ඉතුරු කරලා තිබ්බා නම් මේ අවුරුද්ද තුළ ඒ රුපියල් ලක්ෂයේ වටිනාකම රුපියල් 30,000ට අඩු වෙලා. අඩු කරලා. ජනතාවගේ සමස්ත ඉතිරි කිරීම්වලින් 70%ක් රාජපක්ෂලා හොරකම් කරලා කිව්වොත් ඒක වැරදි නැහැ . ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි වෙලා තියෙන්නේ."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW