දැරියකට පහර දෙන ආන්දෝලනාත්මක වීඩියෝව ලෝකයේම අවධානයට. (VIDEO)

Saudi Arabia
By Wayomi Sep 02, 2022 10:18 AM GMT
Wayomi

Wayomi

in එතෙර
Report

සෞදි අරාබියේ අනාථ දැරියකට පහරදීමේ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ආන්දෝලනයකට තුඩු දී තිබෙනවා.

එම වීඩියෝවේ දක්නට ලැබෙන පරිදි ඇගේ කොණ්ඩයෙන් ඇදගෙන පයින් ගසනු ලබන අතර බෙල්ට් එකකින් ද පහර දෙන අයුරු දක්නට ලැබෙනවා.

අගෝස්තු 31 වැනිදා සිදු වූ මෙම සිද්ධිය ඇතුළත් වීඩියෝව Khamis Musait නම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම වීඩියෝව පළ කළ තරුණියක් පවසන්නේ ළමා නිවාසයේ දැරියන් දූෂණයට සහ යුක්තියට එරෙහිව උද්ඝෝෂණ කළ බවයි.

එම අවස්ථාවේදී මෙලෙස මෙම තරුණියන්ට එහි ආරක්ෂකයින් පහරදී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම වීඩියෝව එළියට පැමිණීමත් සමඟ මොහොමඩ් බින් සල්මාන් කුමරු මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ඉලක්කයට ලක්ව ඇති බව සඳහන්.

කුමරුගේ පාලනය යටතේ සෞදි අරාබියේ හිංසන සිදුවීම් අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවට චෝදනා මතුව තිබෙනවා.

එක්සත් රාජධානිය පදනම් කරගත් අයිතිවාසිකම් කණ්ඩායමක් වන ALQST මෙම සිදුවීම විස්තර කළේ බිහිසුණු සහ කලබලකාරී එකක් බවයි.එමෙන්ම වීඩියෝ පටයේ පෙනෙන ආරක්ෂක නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ඔවුන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මෙම ආන්දෝලනාත්මක වීඩියෝවත් සමඟ සියලු තහංචි මධ්‍යයේ සෞදි අරාබියේ කාන්තාවන් ගෙවන ජීවිතය ගැන සංවාදයට ලක්ව තිබෙනවා.       


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW