ඔයත් මේ වැරදි හතර කරනවනම් කවදාවත් ඔයාගේ බඩ නම් අඩු වෙන්නේ නෑ.

Heart Cancer World Health Organization Healthy Food Recipes
By Sithumini Nov 01, 2024 09:21 AM GMT
Report

අපි හැමෝම කැමතියි අපේ සිරුරේ හැඩය මනාව පවත්වා ගන්න. කොල්ලෙක් වුණත් කෙල්ලෙක් වුණත් තමන්ගේ ශරීරයේ නියමිත බර පවත්වා ගනිමින් මනා සිරුරක් පවත්වා ගැනීම ඉතාම වැදගත්.

නමුත් අපි හැමෝටම එය අවශ්‍ය වුණත් අපි නොදැන කරන වැරද් මගින් මේ තත්වය වෙනස් වෙන්න පුලුවන්.

කැලරි ගණන නොදැන ආහාර ගැනීම

අපි ඇතැම් විට බොහෝ ආහාර ලබා ගන්නේ සහ ආහාරවල ප්‍රමාණ අඩු කරන්නේ කැලරි ගැන අවබෝදයකින් නොවෙයි.

ඇතැම් විට බර අඩු කර ගැනීමට අවශ්‍ය ආහාරයක ප්‍රමාණය වැඩි වශයෙන් ල්බා ගැනීමෙන් බර වැඩි වෙන්න පුලුවන්. ඒ වගේම කැලරි වැඩි ආහාරයක ප්‍රමාණය අඩුවෙන් ලබා ගැනීම මගින් බර පාලනය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ නිසා අත්‍යවශ්‍ය දේ සෑම ආහාරයක්ම ආහාරයට පෙර කැලරි පිළිබදව අවබෝදයකින් අනතුරුව ආහාරයට ගැනීමයි.

අද වන විට ඒ තොරතුරු ඔබට ඕනෑතරම් අන්තර්ජාලය පරිශීලනය කිරීමෙන් ලබා ගත හැකියි.

බර මනින කාල සීමාව

බොහෝ දෙනෙක් බර මැනීම සිදු කරන්නේ සතියෙන් සතියටයි. ඩයට් ප්ලෑන් එකක් කරමින් යන කෙනෙකු සතිය මැද සිය බර මැනීම සිදු කර පසුව නැවත සතියකට පසුව බර බැලීමේදි තමන්ගේ බර සමාන හෝ වැඩී වීම දක්නට ලැබුණොත් ඉන් තමන්ගේ බර පාලන ආහාර රටාව කඩා වැටෙන්න පසු බෑමකට ලක් වෙන්න පුලුවන්.


එම නිසා වැදගත් වන්නේ දිනපතා එකම වේලාවක බර මැන බැලීමයි.

කැලරි අදික ආහාර ගැනීම සහ ඒ වෙනුවට ව්‍යායාම කිරීම

ඇතැම් විට බොහෝ දෙනෙක් කරන වැරැද්දක් තමයි කැලරි අදික ආහාර ආහාරයට ගෙන එම කැලරි ව්‍යායාම වලින් දහනය කිරීමට සිතීම. ඇතැම් කැලරි අදික ආහාර වල. කැලරි ප්‍රමාණය දහනය කිරීමට විශාල කාලයක් වැයවෙන්නෙ පුලුවන්.

ඇතැම් විට දින කිහිපයක් වුණත්. එම නිසා එලෙස අනවශ්‍ය අවදානමක් ගැනීමට වඩා කට පරිස්සම් කර ගැනීම ඉතාම වැදගත්.

මේදය අඩු කිරීමට පමණක් අවදානය දීම

මේදය අඩු වූ පමණින් ඔබට ලස්සන සිරුරක් හිමි වන්නේ නැහැ. 

ඔබට ඔබේ ශරීරයේ බර අඩු කර ගැනීමට එසේත් නැතිනම් ඔබේ බඩ අඩු කරගැනීමට අවශ්‍යනම් ඔබ ඔබේ ශරීරයේ මාංශපේෂි හදා ගැනීමටටත් අවදානය දිය යුතුයි.

ඔබ මේදය අඩු කර ගැනීමට පමණක් අවදානයදුන් විට ඔබ අදික ලෙස කෙට්ටු වුණත් ඔබේ ශරීරයේ අඩු කිරීමට අවශ්‍ය අංග අඩු වීම සිදු නොවේ.  

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%