නිවාස ණය පොලිය ගැන මහ බැංකුවෙන් විශේෂ නියෝගයක්...
Sri Lanka
Ajithi niwad kabral
The central bank
House loan
By Aruna
උකස් බැඳුම්කර මත ලබා දෙන නිවාස ණය සඳහා අයකළ හැකි උපරිම පොලී අනුපාත සම්බන්ධයෙන්, මුදල් නීති පනතේ නියෝග යටතේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් නියෝගයක් නිකුත්කර තිබේ.
ඒ අනුව ණය ලබා දුන් දිනයේ සිට පළමු වසර 5 සඳහා ස්ථාවර පොලී අනුපාතිකයක් ද, ඉන් අනතුරුව පොලී අනුපාතය, මාසිකව සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතයට (AWPR)පදනම් අංක 200 (Basis Points)ක අගයක් එකතු කළ පාවෙන අනුපාතිකයක් විය යුතු බවත් එම නියෝගයේ දැක්වෙයි.
එසේම එම පොලීය සෑම මාස 06කට වරක් නැවත සමාලෝචනය කෙරෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම නියමයන් 2022 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |