අධික උණුසුම් කාලගුණය අවසන් වන දිනය ගැන අනාවැකියක්..!

Sri Lanka Climate Change Weather
By Sewvandhi Apr 24, 2023 04:23 PM GMT
Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, මැයි මාසයේ 3වන සතිය වනවිට පවතින දැඩි උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවයි.

මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් ඇය පැවසුවේ එම කාලය වනවිට නිරිතදිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා දේශගුණිකව ස්ථාපනය වීමට නියමිත බැවින් එලෙස උණුසුම් තත්ත්වය පහව යනු ඇති බවය.

"දැන් අපි ඉන්නේ නිරිතදිග මෝසම පටන් ගන්න අතර කාලයේ.මේ කාලයේ ශ්‍රී ලංකාව හරහා නිෂ්චිත සුළං රටාවක් නෑ. සුළඟේ වේගය හුඟක්ම අඩුයි. ඒ නිසා අප අවට පරිසරය ජල වාෂ්ප වලින් ඉතාමත්ම ගහනයි. ඒ ජල වාෂ්ප ගහන වීම නිසා අපේ දහඩිය වාෂ්ප වීමක් සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා අපේ සිරුරට පරිසර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක් දැනෙනවා.

මේ තත්ත්වය සමනය වෙන්න නම් නිරිත දිග සුළං හොඳින් ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙන්න ඕනේ. බොහෝ විට මැයි මාසේ 3වන සතිය වෙන විට නිරිතදිග මෝසම සුළං ශ්‍රී ලංකාව හරහා ස්ථාපනය වෙනවා දේශගුණිකව. ඉන් පසුව මේ දැනෙන මේ දැඩි උණුසුම් ගතිය පහව යනවා."  


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now