මේ දිනවල ඇති අවදානමින් ආරක්ෂා වීම සඳහා, අනුගමනය කළ යුතුම පියවරයන් මෙන්න..
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අද දිනයේ ද ප්‍රදේශ රැසක උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බවයි.
දෙපාර්තමේන්තුව පෙන්වාදෙන්නේ උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල හා මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක් දක්වා ඉහළ යා හැකි බවයි.
එමෙන්ම, පවතින උෂ්ණාධික කාලගුණ තත්වයෙන් ආරක්ෂාවීමට අවශ්‍ය පියවර ගතයුතු බව රජයේ ආර්යුවේද වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
එසේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මීට පෙර අධික උෂ්ණත්වය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු මගහරවා ගැනීමට අවධානයෙන් අනුගමනය කළයුතු පියවර කිහිපයක් මෙලෙස ප්‍රකාශයට පත්කර තිබුණි.
1. පිපාසය දැනෙන තෙක් නොසිට නිතර නිතර හැකිතාක් ජලය පානය කිරීම (වැඩිහිටි කෙනෙකුට අවම වශයෙන් දිනකට ලීටර 2.5ක් වත්).
2. පිපාසයට, ජලය වෙනුවට පැණි බීම පානය කිරීමෙන් වැළකීම.
3. පෙරවරු 11 සිට පස්වරු 3 දක්වා අධික හිරු රශ්මියට නිරාවරණය වෙමින් ගත කරනා කාලය අවම කිරීම.
4. හැකි පමණ ලා පැහැති සැහැල්ලු කපු ඇඳුම් වලට යොමුවීම.
5. එළිමහනෙහි ගැවසීමේදී කුඩ සහ තොප්පි භාවිතයට (hats) හැකිතාක් යොමුවීම.
6. වයෝවෘද්ධ හෝ රෝගී පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් මේ තත්ත්වය යටතේ පීඩාවට ලක් වීමේ අවධානම වැඩි බැවින් ඔවුන් පිළිබඳ විශේෂයෙන් විමසිලිමත් වීම.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |