රජයේ රෝහල්වලින් අසුභ ආරංචියක්... ජනතාවට රතු එළියක්.

Sri Lanka Healthy Hospital
By Aruna Jan 01, 2022 07:40 AM GMT
Report

රට ඖෂධ වෙනුවට දේශීය නිෂ්පාදනය වැඩි කරයි ඖෂධ ආනයනය කිරීමට පිරිනමා ඇති ටෙන්ඩර් හැට එකකට ණයවර ලිපි නිකුත් නොකිරීම නිසා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම්වල ඖෂධ නිෂ්පාදන ධාරිතාවය වැඩි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඖෂධ නියාමන, සැපයීම්, නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඩොලර් හිඟය හේතුවෙන් නිකුත් කර ඇති ටෙන්ඩර්වලට ණයවර ලිපි නිකුත් කිරීමේ ප්‍රමාදයක් දක්නට ලැබේ.

එමගින් රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වීමේ අවධානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග අනාවරණය කරයි.

කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත විවිධ වෙළෙඳනාම යටතේ එකම ඖෂධය වර්ග කිහිපයක් ආනයනය කරන බව අමාත්‍යාංශය හඳුනාගෙන තිබේ.

පවතින අර්බුදයට විකල්පයක් ලෙස රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව හා දේශීය ඖෂධ නිෂ්පාදන සමාගම් අටක නිෂ්පාදන ධාරිතාවය වැඩි කරන ලෙස ඖෂධ සැපයීම, නිෂ්පාදනය හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

මෙම ආයතනවල ඉතා ඉහළ ගුණාත්මක හා තත්ත්ව පාලනයෙන් යුතු ඖෂධ වර්ග 124ක් නිෂ්පාදනය කෙරේ.

සෞභ්‍යාගයේ දැක්ම ප්‍රතිපත්තිය යටතේ රටට අවශ්‍ය ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර ඇත.

ඒ අනුව මේ වන විට ඖෂධ කර්මාන්තශාලා දහයක් පමණ ඉදි වන අතර පිළිකා මර්දන ඖෂධ ඇතුළු තවත් ඖෂධ වර්ග සකස් කළ හැකි කර්මාන්ත ශාලාවක් ඉදිකර නාරම්මල ප්‍රදේශයේ වසා දමා ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම කර්මාන්ත ශාලාවේ පිළිකා මර්දන ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙතෙක් අවසර නොදීම ඊට හේතු වී ඇත.

එම කර්මාන්ත ශාලාව ඖෂධ නිෂ්පාදනයට සුදුසු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ වාර්තාවක් ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලට ද ලබා දී තිබෙන බව වාර්තා වෙයි.

විදේශීය රටවලින් ඖෂධ ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව ‘සති අග ප්‍රධාන පුවත්පතක් කළ විමසුමක දී ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

තවද දේශීය වශයෙන් නිපදවන ඖෂධ සියල්ල ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්ත බැවින් රෝගී සත්කාර සේවා සඳහා එම ඖෂධ භාවිත කරන ලෙස ලේකම්වරයා වෛද්‍යවරුන්ගෙන් ද ඉල්ලා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now