ව්‍යාපාරිකයින් දෙදෙනෙක් අනියම් බිරිඳව බෙදා ගැනීමට නොහැකිව මරාගනී..
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
හොරණ කුඹුක ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයෙක්ව වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුව ගිනිඅවිය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 16 වනදා මෙම වෙඩිතැබීම සිදුවී ඇති බව පොලීසිය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරණ වව්ලුගල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ද ව්‍යාපාරිකයෙකු වන අතර පෞද්ගලික අරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව අනාවරණය වී තිබේ.
ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ, සැකකරු අනියම් සබඳතාවක් පවත්වන කාන්තාවක් සමග අදාළ ව්‍යාපාරිකයා ද සම්බන්ධතාවයක් පවත්වන බැවින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.
සැකකරු සතුව තිබූ ගිනිඅවිය වව්ලුගල ප්‍රදේශයේ පාළු ඉඩමක පිදුරු ගොඩක සඟවා තිබියදී හමුවී ඇත. සැකකරු හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |